43 වෙනි දම්සෝ දෙව්නද සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයේ ජය දම්සෝවට
මාර්තු 31 වැනිදා අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී සුනිල සංග්‍රාමයට සමගාමීව පැවැත්වු දම්සෝ දෙව්නද එක්දින ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය මෙවර ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ධර්මාශෝක විද්‍යාලය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07ක් බිඳ බිඳ වැටී ලකුණ 276ක්ලබාගත්තේය.එහිදී ජිතිර සංසික ලකුණු 71ක් ද ඔමේග කරුණාරත්න නොදැවී ලකුණු 70ක් ද ලබා ගත්තේය.පිළිතුරු ලෙස දේවානන්ද විද්‍යාලයට සියලු දෙනා දැවී පන්දු වාර තිස් හතයි පන්දු දෙකක් තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 135ක්පමණි.පන්දු යැවීමේදී චන්දූප කවිශ සහ රෙශිත ද සිල්වා අතර කඩුලු 03 බැගින් බෙදී ගියහ.ඒ අනුව මෙම තරඟය ලකුණු 141 කින් ජය ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.